මියගිය හා ආබාධිත රණවිරු වැටුප්, යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් / කැබිනට් පත්‍රිකාව සූදානම්

ආබාධිත රණවිරුවනට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම සඳහා අනුමැතිය ලබාගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව ඇමති මණ්ඩලයට යොමුකර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (08) රැස්වූ අවස්ථාවේදීයි.

ආබාධිත සහ මිය ගිය රණවිරු පවුල්වලට ගෙවන වැටුප් සහ දීමනා පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

පුවත යවන්න