මුහුද පත්ලේ ගිනි කන්දක් පුපුරයි / පැසිෆික් කලාපයට සුනාමි අවදානමක්

දකුණු පැසිෆික් සාගරයේ ජලය පත්ලේ පවතින දැවැන්ත ගිනි කන්දක් පුපුරාගොස් තිබෙනවා.
මෙම බරපතල මට්ටමේ පිපිරීම සමග ටොන්ගා දූපත් ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර පවතින බවයි සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ.
ගිනි කන්දෙන් නිකුත් වන අළු හා දුමාරය කිලෝමීටර 20ක් දක්වා ගුවනට විහිදෙමින් පවතින බවද හෙළිකර තිබෙනවා.
පිපිරීම සමග නිකුත් වූ විශාල මට්ටමේ මුහුදු රළ ටොංගා හි අගනුවර වන නුකුඅලෝෆා වෙරළ තීරය හරහා වෙරළබඩ මාර්ගවලට ගලා ගොස් තිබෙනවා.
ගිනි කන්ද පිහිටා ඇත්තේ ටොංගා හි ෆොනුවාෆෝ දූපතේ සිට කිලෝමීටර් 30 ක් ගිනිකොන දෙසින් වනවා.
ටොන්ගා හි කාලගුණ විද්‍යා සේවා මගින් අධික වර්ෂාව, හදිසි ගංවතුර සහ ගොඩබිම් සහ වෙරළබඩ ජලයේ තද සුළං හා බරපතල සුනාමි තත්ත්වයක් සඳහා උපදෙස් නිකුත් කර තිබෙනවා.

පුවත යවන්න